Monday, November 10, 2025
Follow Us
Social and Equity

The Navy apprehended 03 individuals who engaged in shell fishing, during a search operation conducted in the Ippantivu sea area of Kalpitiya on 25th January 2024. Meanwhile, the size of the seized conch shells (about 1856) was not within the legally accepted limit. The Navy also held the dinghy used for this illegal act.

Social and Equity

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්‍ර සහකාරවරුන් ලෙස බඳවා ගත් තවත් 51 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම ඊයේ (23) වනජීවි හා වන සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.

Social and Equity
පාර්ලිමේන්තුව තුළ සේවිකාවන්ට මෙන්ම ඇතැම් මන්ත්රීවරියන්ට ලිංගික හිංසන නිරන්තරයෙන් සිදුවන බවටත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීමට සහ පියවර ගැනීම සිදු නොකරන බවටත් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්ය බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කර සිටියි.
Social and Equity

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ මරණය, හිසට වම් පාදයට සහ පපුවට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් සහ අභ්‍යන්තර ලේ වහනයෙන් සිදු වූ හදිසි මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා තීරණය කර තිබේ.

Social and Equity

පසුගිය වසරේ දෙසැම්බර් 17වැනිදා සිට ක්‍රියාත්මක “යුක්තිය“ මෙහෙයුම මඟින් සිදු කරනු ලබන සාර්ථක අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු ලබා දෙන ඔත්තුකරු ඇගයීම සදහා ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිසිය තීරණය කර ඇත.

Social and Equity

තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිතව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් පෙබරවාරි මාසයේ සිට මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Social and Equity

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර පොලිස් අපරාධ දිසාවේ වැඩ ආවරණය සඳහා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පත් කරනු ලැබීය. මෙම පත් කිරීම සිදු කර ඇත්තේ දැනට ඔහු දරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයට අමතරවය.

Social and Equity

නේවාසික රෝගීන්ට ප්‍රතිකාර ලබාදී නිවෙස්වෙත යාම සදහා වෛද්‍ය නිර්දේශය ලැබුණු පසු සිදුවන අනවශ්‍ය  ප්‍රමාදය අවම කිරිම පිළිබදව අවධානය යොමු විය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Social and Equity

වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ පමණක් අලෙවි කරන වෙළෙඳසැල් දිවයින පුරා විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

ලෝවැසි බුදුනුවන්ට මෙන්ම වෙසෙසින් සිරි ලක් දිව් වැසි සැදැහැවතුන්ටද අතිශය වැදගත් වන කරුණු රැසක් යෙදෙන දුරුතු පුර පසළොස්වක් පොහොය අදට යෙදී තිබේ. බුදු රජාණන් වහන්සේ උරුවෙල් දනවුවේ විසූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරන් ඇතුළු දහසක් පිරිසකට සදහම් මඟ පහදා සසුන්ගත කර, ඒ පිරිසද සමඟ රජගහ නුවරට වැඩම කළේ අද වන් පොහොය දිනකය. ඒ ගමනේදී එනුවර බිම්බිසාර රජු සහ වැසියන් තෙරුවන් සරණ ගිය උවසුවන් බවට පමුණුවාලූ බුදු හිමියන් වෙත සසුනේ ප්‍රථම ආරාම පූජාව ලෙස වේළුවනාරාමයද පුදනු ලැබීය.

Social and Equity

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභිනවයෙන් ස්ථාපනය කරන ලද පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාශය ( Police CCTV surveillance Division) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

Social and Equity

මිල්කෝ සමාගමට දෛනිකව ලැබුණු කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Social and Equity

අරුවක්කාලු කසළ ව්‍යාපෘතිය වැඩ කටයුතු මාර්තු මස වනවිට අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එහි අවසන් අදියරේ වැඩ කටයුතු කඩිනම් කරන්නැයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Social and Equity

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමය (The Association of Live Tropical Fish Exporters of Sri Lanka) සහ ශ්‍රී ලංකා විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ සංගමය සමඟ එක්ව, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය උදෙසා සංවිධානය  කරන වැඩමුළු මාලාවේ මූලික අදියර පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලය සමඟ එක්ව පැවැත්වුණි. 

Social and Equity

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙරට ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින් දිවයින පුරා පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ (20) ගාල්ල , ඇත්කඳුර සීවලී මහා විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි .

Social and Equity

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ සැකකරුවන් 06 දෙනා පෙබරවාරි 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

‘ජාතික රුවල් ඔරු තරඟාවලිය’ 2024 ජනවාරි මස 19 සහ 20 යන දිනයන්හී ද මට්ටක්කුලිය කාක දූප‍තේ දී, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, එහි දී නාවික හමුදා රුවල් ඔරු සංචිතය විසින් ජයග්‍රහණ රැසක් දිනාගැනීමට සමත් විය.

Social and Equity

ශ්‍රී ලංකා නාවික හමුදාව,  දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හැට පහකට අධික තොගයක්  ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ ඊට සහය වූ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් එකොළොස් දෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.