තාරා දේවී ප්‍රතිමාව ඇතුළු යටත් විජිත සමයේ එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටි බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එක් විය.
ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇත.
ආණමඩුව ජයසූරිය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සුහද කථා බහකට එක් වූහ.
සීගිරිය සහ තදාසන්න කලාපය සංචාරක කලාපයක් වශයෙන් තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කොටගෙන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් මිලදී ගත් නව එන්ජින් කට්ටල ලංගම ඩිපෝ වෙත බෙදාදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී සිදුවිය.
අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට නියමිතය.
දීඝවාපි චෛත්‍ය රාජයාණන්ගේ නිදන් වස්තු තැන්පත් කිරීම ජූලි මස 14 වනදා සිදු කෙරේ
රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවත්, එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක් නොව රටේ ආර්ථිකය යළි බිඳ නොවැටෙන දීර්ඝකාලීන, ශක්තිමත් ආර්ථික ක්‍රමයක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් සිය වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ.
බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් මගියෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
දැනුවත් කිරීමේ ජංගම වැඩසටහන්
මේ වනවිට පොල් හා තැඹිළි වගාව තුළ ව්‍යාප්තවෙමින් පවතින සුදුමැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා නැමැති කෘමි උවදුර පාලනය සඳහා මාසයක කාලයක් තුළ කඩිනම් ඒකාබද්ධ පළිබෝධ පාලන වැඩසටහනක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල නිලධාරින්ට අද(11) උපදෙස් දුන්නේය.
ඊශ්‍රායලයේ දී වැරදි කළොත්, තරාතිරම නොබලා පියවර ගන්නා බවත්, විදේශ රැකියාවන්ට ගිහින් රටේ නම කැත කරන අය ''බ්ලැක් ලිස්ට්'' කිරීමට කටයුතු කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
Page 77 of 750