Friday, February 13, 2026
Follow Us
සිසුන් රැගෙන ඒමට සිංගප්පූරුවටත් ගුවන් යානයක් යයි

සිංගප්පූරුවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික සිසුන් 180 දෙනෙකු යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද (06) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සිංගප්පූරුව වෙත යාමට නොහැකිව මෙරට රැඳී සිටි සිංගප්පූරු ජාතිකයන් 10 දෙනෙකු ද මෙම ගුවන් යානය මගින් සිංගප්පූරුව වෙත රැගෙන ගොස් තිබෙනවා. එම යානය අද පස්වරු 05.15 කටුනායක ගුවන් තොටුපළ වෙත ළගාවීමට නියමිතයි.

(Neth)