Thursday, August 20, 2026
Follow Us
කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහලට

නව කොරෝනා වෛරසය වැළදුණු සිව්දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 653ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ දක්වා කොරෝනා ආසාධනය වූ රෝගීන් 139 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 507ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටින්නේ.

(Neth)