Tuesday, February 10, 2026
Follow Us
රට හාලට වැට බැඳීමෙන් කෝටි 1800ක වාසියක්

වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත් සහල් ආනයනය නොකිරීම නිසා රුපියල් කෝටි 1800ක් ඉතිරි කර ගැනීමට ආණ්ඩුවට හැකි වූ බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඇමැති මණ්ඩලය වෙත ලබාදුන් වාර්තාවක සඳහන් වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහල් ආනයනය නතර කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා ලදී.

පසුගිය රජය සමයේ ආනයනය කරන ලද සහල් තොග සත්ව ආහාර සඳහා අලෙවි කිරීමට සතොස ආයතනය පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත් මෙවර වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර ඇත.

වී මෙට්‍රික්ටොන් ලක්ෂ 30ක පමණ අස්වැන්නක් මෙවර ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පුරෝකථනය කර තිබේ.

(Aruna)