Tuesday, February 10, 2026
Follow Us
වෛද්‍ය අනිල් ජාසිංහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ තනතුරක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උප සභාපති වරයෙකු වශයෙන් පත් වී තිබෙනවා. මේ දිනවල ජිනීවා හි පැවැත්වෙන එම සංවිධානයේ විධායක සභා රැස්වීමේ දී ඔහු මෙම තනතුරට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර වෛද්‍ය අනිල් ජාසිංහ කළුබෝවිල රෝහලේ හා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කර තිබෙන අතර ඔහු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පළපුරුදු පරිපාලකයෙකු ද වනවා.

(Neth)