Tuesday, February 10, 2026
Follow Us
ජන ජීවිතයට පීඩා ගෙනෙන උද්ඝෝෂණ වලට තිත….උද්ඝෝෂණ සදහා විශේෂ සථානයක් වෙන් කරයි

කොළඹ නගරයේ නිරන්තරයෙන් උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙන් මහජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්වන අවස්ථා අප දැක තිබේ.

වැඩි වශයෙන් උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථාන කිහිපයක් වන කොළඹ ලෝටස් පාර, පුරහල ලිප්ටන් වටරවුම, ගාලුමුවදොර වේ.

මේ හේතුවෙන් අධික රථවාහන තදබදයත්, සාමාන්‍ය ජනජීවිතයට දැඩි ලෙස පීඩා එල්ල වේ.

කෙසේ වෙතත් අද (05) අද උදෑසන කොළඹ ගාලුමුවදොර පිටියට යාබද ස්ථානයක උද්ඝෝෂණ ස්ථානය ලෙසින් නම් කරනු ලැබූ පුවරුවක් දකින්නට ලැබුණි.

(Lanka Leads)