Monday, June 09, 2025
Follow Us
අඩි 1200ක් ඉහළින් නිදහසේ ලෙළ දුන් ජාතික කොඩිය

රටේ අභිමානය ලොවට කියාපාන තවත් විස්මිත නිර්මාණයක නිමැවුම්කරුවන් වන්නට අපේ තරුණ පිරිසක් සමතු වී ඇත.

ඒ ලංකාවේ විශාලතම ලෙළෙදෙන ජාතික කොඩියේ හිමිකරුවන් වෙමිනි. ලකංවේ විශාලතම ලෙළදෙන ජාතික කොඩිය නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙන්නේ අවිස්සාවේල්ල මානියංගම රජමහා විහාරයේ තරුණ බෞද්ධ සංගමයේ සහ එම ග්‍රාමයේ තරුණ පිරිසකි. ‍මෙම නිර්මාණය සදහා රෙදි යාර 120ක් යොදාගෙන තිබේ. ‍

කොඩියේ දිග අඩි 50 වන අතර පළල අඩි 30කි.

ජාතියේ අභිමානය කියාපාන මේ ප්‍රතාපවත් ජාතික ධජය ස්ථාපිත කොරුණේ මුහුදු මට්ටමේ සිට අඩි 1200ක් පමණ ඉහළින් පිහිටි යකහටුවාව කදුමුදුනේය.

(Lanka Leads)