Tuesday, February 10, 2026
Follow Us
ශ‍්‍රී ලංකාව කොරෝනා තුරන් කළ පළමු රට වෙයි… චීන කතට සම්පූර්ණ සුවයි.. රෝහලෙන් බැහැර වෙන්න සූදානම්..

නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ උණ රෝහලට ඇතුළත් කරන ලද කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේ අදාළ චීන ජාතික කාන්තාව මේ වනවිට වෛරස ආසාදන තත්ත්වය සම්පූර්ණයෙන්ම මිදී ඇති බවයි.

අදාළ වෛරසය එම කාන්තාවගේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම බැහැර නී ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඇය මේ වන විට රෝහලෙන් පිටත් කර හැරිය හැකි තත්ත්වයට සුවය ලබා ඇති බව ද ඔහු කියා සිටියේය.

මේ වන කොරෝනා ආසාදිත යයි සැක සහිත රෝගීන් 16 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් ඒ කිසිවකු කොරෝනා අසාදිත යයි පරීක්‍ෂණ මගින් ඔප්පු වී නැති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

(Lanka Leads)