Tuesday, February 10, 2026
Follow Us
ගුණරුවන් කමිටුවට ගෝලීය ශ්‍රී ලංකික සංසදයෙන් විවෘත අභියෝගයක්

M.C.C ගිවිසුම පිළිබඳව අධ්‍යනය කොට වාර්තා කිරිම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන කමිටුව වෙත ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් විවෘත ලිපියක් එවා ඇත.

එම කමිටුවට මහජන අදහස් ලබා ගැනීමේ යාන්ත්‍රණයක් හෝ බලයක් නොමැති බැවින් එම ලිපිය පළ කිරීමට ලංකා ලීඩ් විසින් තීරනය කරන ලදී.

මූලික වශයෙන් M.C.C ගිවිසුමට අදාළ වගන්ති හෝ ඇමුණුම් හුදකලාව අධ්‍යනය කිරීම වෙනුවට M.C.C , ACSA සහ Sofa යන ගිවිසුම් ත්‍රිත්වය එක්ව ගෙන ඒ සමස්ථයේ බලපැම අධ්‍යනය කළ යුතු බව එම ලිපිය මඟින් පැහැදිළි කෙරේ.

(Lanka Leads)