Sunday, June 08, 2025
Follow Us
ජනාධිපතිවරණය අස්සේ කොළොන්නාවේ කෝටි 4ක ‌තෙල් කාන්දුවක්

කොළොන්නාවේ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන ගබඩා ටැංකිවලින් රුපියල් කෝටි හතරකට අධික පෙට්‍රල් හා නැප්ටා ලීටර් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් කාන්දුවීමේ සිද්ධිය සංස්ථාව මගින් යටපත් කර ඇති බව සේවකයෝ පවසති.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙය සිදුව ඇත.

කොළොන්නාවේ පිහිටි අංක 31 ටැංකියෙන් ඔක්ටේන් 92 ලීටර් ලක්ෂ දෙකකට ආසන්න පෙට්‍රල් තොගයක් මෙසේ කාන්දු වී ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ 240කට අධිකය.

ඒ ආකාරයට නැප්ටා ලීටර ලක්ෂ දෙකක්ද ටැංකියෙන් කාන්දු වී තිබේ. නැප්ටා ලීටරයක් රුපියල් අසූවකට පමණ විදුලිබල මණ්ඩලයට අලෙවි කරන අතර එසේ කාන්දු වූ නැප්ටා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 160කි.

(Aruna)