Tuesday, February 10, 2026
Follow Us
විනිසුරු ධම්මික හේමපාලගේ වැඩ තහනම් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරත වූ බව කියන බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කළ බව අධිකරණ සේවා කොමිසම පවසයි.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවට අනාවරණය වී ඇති විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කරනු ලැබුවේය.

ඒ අනුව අදාළ දුරකථන සංවාද සිදුකළ බව කියන විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

(Lanka Leads)