Tuesday, February 10, 2026
Follow Us
"වෛද්‍ය සාෆිට යළි සේවය ලැබිලා ද?" - රතන හිමි සොයා බලයි

වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි යළි වෛද්‍ය සේවයේ පිහිටවූ බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

අදාළ වෛද්‍යවරයා නිදොස් කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඔහු යළි සේවයේ පිහිටුවා ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපියෙහිද කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි උන්වහන්සේ සදහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ මෙවැනි සිද්ධියක් කිසි ලෙසකින්වත් ඉටු වීමට ඉඩ නොතබන බවයි.

(Neth)