Wednesday, May 13, 2026
Follow Us
ගානියාගේ සිද්ධිය : ස්විස් බුද්ධි කණ්ඩායමේ වාර්තාව ස්විස් රජයට

ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය ගැන විමර්ශනය කිරීමට පැමිණි ස්විස් බුද්ධි කණ්ඩායම සිය විමර්ශන වාර්තාව ස්විස් රජයට ඉදිරිපත් කර ඇත.

මෙම ස්විස් බුද්ධි කණ්ඩායම පැවැත්වූ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී ඇත්තේ ගානියා ප‍්‍රැන්සිස් පැහැර ගැනීමට ලක්වූ බව කියන සිද්ධිය ගැන කිසිදු සාක්‍ෂියක් නැති බවයි.

ශ‍්‍රී ලංකා බුද්ධි අංශද ස්විස් බුද්ධි ඒකකයට සහාය වී ඇත. ඇය පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්ථාන පවා ස්විස් බුද්ධි කණ්ඩායම නිරීක්‍ෂණය කර තිබේ.

මේ සිදුවීමට අදාළව ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පළකළ සුදුවෑන් රියකින් පැහැරගෙන යෑමේ පුවතද බොරුවක් බව හෙළිවී ඇත.

මෙම පුවත පසුබිමේ සිටින බව කියන මෙරට මාධ්‍යවේදිනියකද ස්විට්සර්ලන්තයට පැන ගොස් ඇත.

(Lanka Leads)