Wednesday, May 13, 2026
Follow Us
පහේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත.



ඊයේ (07) දිනයේ එම ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විට එම ප්‍රතිඵල අදාල විදුහල්පතිවරු වෙත යොමු කිරිමට කටයුතු කර තිබේ.

ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනිමට ද හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි

(Dinamina)