Thursday, June 05, 2025
Follow Us
ගිනිකෙළි දැල්වීමෙන් පසු කොළඹ තත්ත්වය

නව අවුරුදු උදාවත් සමග කොළඹ වායු ගෝලයේ තිබෙන දුවිලි අංශු ප‍්‍රමාණය සැලකිය යුතු මට්මකින් ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ වායුගෝලයේ දූවිලි අංශු ප‍්‍රමාණය ඒකක 149 දක්වා වැඩිවී ඇති බවයි වායු තත්ත්ව දර්ශකයේ දැක්වෙන්නේ.

නව වසර උදාවත් සමග ගිනිකෙළි දැල්වීම වායු ගෝලයේ දූවිලි අංශු ප‍්‍රමාණය මෙලෙස ඉහළ යාමට හේතුවී තිබෙනවා. හෝමාගම ප‍්‍රදේශයේ වායුගෝලයේ තිබෙන දූවිලි අංශු ප‍්‍රමාණය ද ඒකක 127 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම දර්ශකයේ වැඩිදුරටත් සටහන්ව ඇත්තේ.

ඊයේ (31) රාතී‍්‍ර 09.00 පමණ වනවිට වායු තත්ත්ව දර්ශකයේ කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ප‍්‍රමාණය සටහන් වූයේ ඒකක 57 ක් ලෙසයි. එහෙත් මධ්‍යම රාති‍්‍රය පසුවන විට එම දූවිලි අංශු ප‍්‍රමාණය සීග‍්‍රයෙන් වැඩිවී තිබුණා.

(Neth)