Friday, March 27, 2026
Follow Us
ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියටත් ඇප!

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට ඇප නියම වී තිබේ.

රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදාහරින ලෙසයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර ඇත්තේ.

පසුගිය 16 වැනිදා ඇය රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර අද (30) යළි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.

කිසියම් නාදුනන කණ්ඩායමක් විසින් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය පැමිණිලි කර තිබූ අතර දින තුනකට වැඩි කාලයක් ඇගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රජයට අපකීර්තියක් ඇතිවන සේ කටයුතු කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත්විය.

ඇගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිරික්සීම සඳහා අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනටද යොමු කරනු ලැබීය.

(LNW)