Sunday, June 01, 2025
Follow Us
ජාතික ගීය දෙමළ බසින් ගැයීම ව්‍යවස්ථා උල්ලංඝණයක්

පළාත් සභා සඳහා බලය බෙදා හැරීමක් සිදු නොකළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ පළාත් සභා සඳහා සම්පත් බෙදාහැරීමක් පමණක් ප්‍රමාණවත් බවයි.

කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි මෙම අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පෙන්වා දුන්නේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ සංවාදයක් පවතින බවත් දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවය.

(Lanka Leads)