Friday, March 27, 2026
Follow Us
ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදු කර තිබේ.

හෙට (27) දිනයේ තමන්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදු කර ඇති බව එම්.කේ ශිවාජිලිංගම් මහතා සඳහන් කළේය.

පසුගිය මැයි මාසයේ මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ පැවත් වූ සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා මෙම කැඳවීම සිදු කර ඇති බව සදහන්.

පසුගිය මැයි මස 12 වන දින සිට සතියක කාලයක් ජන සංහාර සැමරුම් සතිය නමින් සැමරුම් වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර එය එම්.කේ සිවාජිලිංගම් මහතාගේ මූලිකත්වයෙන් සංවිධාන කර තිබුණි.

(Lanka Leads)