වාරි මහිම අපේ උරුමය යටතේ හොරොව්පොතාන වැවේ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීම සහ වැව් බැම්ම ප්රතිසංකරණය කිරීම ඊයේ ( 02 ) ආරම්භ කෙරිණි.
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශය යටතේ මේ සදහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 100.01 කි. ප්රදේශයේ ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ජල ගැටලුවට පිළිමක් ලෙස කඩිනමින් මෙම ව්යාපෘතිය සිදු කිරීමට නියමිතය.