පොසොන් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන "ජාතික බාල දක්ෂ පොසොන් කලාපය" වැඩසටහන හේතුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබේ.
ඒ අනුව ජුනි 28 සහ 29 යන දිනයන්හි සවස 06.00 සිට පසුදින අලුයම 01.00 දක්වා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වේ.
ලේක්හවුස් වටරවුමේ (රීගල් හන්දිය) සිට පොලිස් මූලස්ථාන වටරවුම දක්වා චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ (මීටර් 500ක් පමණ) මෙම පොසොන් කලාපය පැවැත්වේ.
ඒ අනුව, එම කාලය තුළ මහජන ආරක්ෂාව සහ රථවාහන ගමනාගමනය විධිමත් කිරීම වෙනුවෙන් කොළඹ රථවාහන කොට්ඨාසය විසින් අවස්ථානුකූලව සිදුකරන මාර්ග සීමා කිරීම් සහ විකල්ප මාර්ග මෙසේය:
රථවාහන සීමා කෙරෙන ස්ථාන:
රීගල් හන්දියෙන් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතට ඇතුළු වීම.
ජස්ටිස් අක්බාර් මාවත – මැලේ වීදිය හන්දියෙන් මැලේ වීදියට ඇතුළු වීම.
බාලදක්ෂ මාවතෙන් කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම දෙසට ඇතුළු වීම.
භාවිතා කළ හැකි විකල්ප මාර්ග:
රීගල් හන්දිය දෙසින් පැමිණෙන වාහන ඩී. ආර්. විජේවර්ධන මාවත ඔස්සේ ගාමිණී වටරවුම දෙසට සහ සෙරමික් හන්දිය - ලෝටස් පාර ඔස්සේ එන්.එස්.ඒ. වටරවුම දෙසට.
ජස්ටිස් අක්බාර් මාවත දෙසින් පැමිණෙන වාහන මැලේවීදිය ගුවන් පාලම සහ අලියා නාන වටරවුම ඔස්සේ බාලදක්ෂ මාවත දෙසට
බාලදක්ෂ මාවත කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අසලින් පැමිණෙන වාහන එන්.එස්.ඒ. වටරවුම සහ අලියා නාන වටරවුම දෙසට
රථ වාහන නවතා තැබිය හැකි ස්ථාන
පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් පහත සඳහන් ස්ථාන රථගාල් ලෙස වෙන් කර ඇත:
ඩී. ආර්. විජේවර්ධන මාවත රථ නැවතුම්පොළ
කුමරන් රත්නම් පාර සහ කිව් පාර
වොක්ෂෝල්වීදිය
පැරණි එම්.ඕ.ඩී. (MOD) භූමිය
ෂැන්ග්‍රිලා අසල භූමිය
යුනියන් පෙදෙස ඇක්සස් ටවර්
ලේක්හවුස් ඉදිරිපිට රථගාල
පැරණි මැනිං වෙළඳපොළ රථගාල
චාමස් රථගාල
මෙම දිනවලදී ඇතිවිය හැකි රථවාහන තදබදය වළක්වා ගැනීම සඳහා ඉහත විකල්ප මාර්ග සහ රථගාල් භාවිතා කරමින් සහයෝගය දක්වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.