අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂට විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (17) නියම කර තිබේ.
එහිදී රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහරින ලෙසද නියෝග කර ඇත .
අල්ලස් කොමිසමේ නිලධාරිණියන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
අද (17) උදෑසන ඒ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනයකට අළාව අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
ඉන් අනතුරුව ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.