පාසල්වලින් 41%ක ඩෙංගු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මේ වන විට ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙන බව ද සඳහන් කළේය.
ඒ අනුව හෙට (18) පාසල් ආශ්‍රිත ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවයි ඒ සඳහන් කළේය.
ඩෙංගු කීටයන් බෝවන ස්ථාන වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ පාසල් ආශ්‍රිතව බව කී ඇමැතිවරයා මීට අමතරව ආගමික ස්ථානවලින් 28% හා කර්මාන්ත ආශ්‍රිතව 26% ආදී ලෙස ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දිස්ත්‍රික්ක 14ක මෙම ප්‍රශ්නය බරපතළ ලෙස පැන නැගී ඇති බවත් මෙම තත්ත්වය මැඩපැවැත්විමට සියලු දෙනා එක්ව වන ලෙස ද අමාත්‍යරයා ඉල්ලා සිටියේය.