Monday, June 15, 2026
Follow Us
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කෙරේ
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නව පත්වීම් ලබා දීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (11) ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්රධාන කාර්යාලයේදී සිදු කෙරිණි. මෙහිදී ක්ෂේත්ර පශු සම්පත් සහකාර තනතුරු සහ ට්රැක්ටර් ක්රියාකරුවන් සඳහා පත්වීම් ප්රදානය කෙරිණි.
 
ඔබ රාජ්ය සේවයට එක්වෙන්නේ ප්රභූ පාලනයක් යටතේ නෙවෙයි. අපි දැන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් යනවා. නව දේශපාලන සංස්කෘතියක් ගොඩනඟනවා. අපි එනකොට රාජ්ය සේවයේ බඳවා ගැනීම් නතර කරලයි තිබුණේ. දැන් අපි ඒ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදුකරමින් යනවා. අපිට උවමනා රාජ්ය සේවය රට වෙනුවෙන් කැපවෙන සේවයක් බවට පත් කිරීමටයි. යැයි අමාත්‍යවරයා මෙහිදී පැවසීය.