චිත්රපට අනු මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (13) පැවැත්විණ.
ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශ පරිශ්රයේ දී ය.
වර්තමානයේ සිනමා කර්මාන්තය සහ සිනමා කලාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, සිනමාවේ ප්රවර්ධනය වෙනුවෙන් රජය මෙතෙක් ගෙන ඇති ක්රියාමාර්ග සහ ඉදිරියේ දී ක්රියාත්මක කිරීමට නියමිත සුවිශේෂ වැඩසටහන් පිළිබඳ අමාත්යවරයා විසින් පැහැදිලි කර තිබේ.
සිනමා කර්මාන්තය මුහුණ දෙන ගැටලුවලට සාර්ථක විසඳුම් සෙවීම වෙනුවෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා චිත්රපට අනුමණ්ඩලයේ සභාපති ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක, බෙනට් රත්නායක, සෝමරත්න දිසානායක, අනුරුද්ධ ජයසිංහ, පාලිත පෙරේරා, ජගත් චමිල, කලන ගුණසේකර, බිමල් දුෂ්මන්ත, අජන්ත අලහකෝන්, දිනිඳු ජාගොඩ, නාරද තොටගමුව, ප්රියන්ත කළුආරච්චි, චමින්ද ජයසූරිය ඇතුළු සිනමා ක්ෂේත්රයේ ප්රවීණයෝ රැසක් සහ සංස්කෘතික කටයුතු අධ්යක්ෂ කේ.එස්. දිල්හානි මහත්මිය ඇතුළු අමාත්යංශ නිලධාරීහු එක්ව සිටි අතර, ඔවුහු දේශීය සිනමාවේ අනාගතය වෙනුවෙන් වටිනා අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත.