Friday, June 05, 2026
Follow Us
මෙරට මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීමේ සිව් අවුරුදු විශේෂ වැඩපිළිවෙළක්
මෙරට ස්ථාපිත මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මේවන විට ක්රියාවට නංවා ඇති බවත්, එම වැඩපිළිවෙළ ඉදිරි වසර හතර තුළදී ක්රියාත්මක වන බවත්, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

 

එම ව්යාපෘතිය සඳහා මිලියන 31000ක මුදලක් වෙන්කිරීමට කටයුතු කරන බව ද අමාත්යවරයා පවසයි.
 
අමාත්යවරයා මෙම කරුණු සඳහන් කළේ ඊයේ (04) මොණරාගල දිස්ත්රික්කයේ, වැල්ලවාය මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට නිරත වෙමින්ය.
 
මෙහි දී රෝහලේ බාහිර රෝගී අංශය, සායන පරිශ්රය, වාට්ටු, ඖෂධාගාරය, හදිසි ප්රතිකාර ඒකකය, මුළුතැන්ගෙය, ඖෂධ ගබඩාව, රුධිර කාන්දුකරණ ඒ්කකය, රසායනාගාරය, ලේ බැංකුව මෙන්ම දැනට ක්රියාත්මකවන සංවර්ධන ව්යාපෘති, ඇතුළු අංශ අමාත්යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.
 
රෝහල් පරිශ්රය නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්යවරයා රෝහල් පාලන අධිකාරිය, විශේෂඥ වෛද්යවරුන්, වෛද්යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද කටයුතු කළේය.
 
සෞඛ්ය කාර්ය මණ්ඩලයට තම සේවාවන් ඉටු කිරීමේ දී පවතින ගැටලු පිළිබදව දීර්ඝව කරුණු දැක්වීමක් කළ අතර අදාළ අංශ සහ නිලධාරීන් වෙතින් විමසීම් කරමින් එම ගැටලුවලට එම මොහොතේ ලබා දිය හැකි කාලීන විසදුම් ලබා දීමට ද අමාත්යවරයා පියවර ගත්තේය.
 
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා අඩුපාඩුකම් රාශියක් මධ්යයේ වුවද ප්රදේශයේ ජනතාවට ප්රතිකාර සේවාවන් අඛණ්ඩව සැපයීම වෙනුවෙන් වැල්ලවාය මූලික රෝහලේ සේවයකරන විශේෂඥ වෛද්යවරයාගේ සිට සෞඛ්ය කාර්ය සහයක දක්වා සිදුකරන්නාවූ කැපවීම පිළිබදව සිය කෘතඥතාවය ද පළ කළේය.
 
වැල්ලවාය මූලික රෝහල B කාණ්ඩයේ මූලික රෝහලක් වන බවත්, එම කාණ්ඩයට අයත්විය යුතු සියලුම පහසුකම් මෙම රෝහල තුළ නොමැති බව නිරීක්ෂණය වන බැවින් , පළමුවෙන්ම කළ යුත්තේ B කාණ්ඩයේ මූලික රෝහලක තිබිය යුතු මූලික පහසුකම් ඇතිකර ලීම බව ද මෙහි දී පැවසීය.
 
සෞඛ්ය අමාත්යාංශය බෝනොවන රෝග සම්බන්ධයෙන් කාර්ය සාධන බලකායක් පිහිටුවා ඒ මගින් එම රෝග තත්ත්වයන් වළක්වාලීමට ක්රියාකරමින් සිටින බව සදහන්කළ අමාත්යවරයා මේ සඳහා ඇති ඒකක මේ දක්වා වෙන්වෙන් වශයෙන් කටයුතු කිරීම නිසා ලැබිය යුතු ප්රතිඵල නොලැබෙන බව නිරීක්ෂණය වී ඇති බැවින් ඒ පිළිබදව විශේෂ අවධානය යොමු කර අවශ්ය සංශෝධයන් සිදුකර එම කාර්යය වඩා විධිමත් කිරීමේ අවශ්යතාවය මෙහි දී පෙන්වා දුන්නේය.
 
ඊට අදාළ කතිකාවකදී මෙරට මෞත්ර ලිංගික විශේෂඥ වෛද්යවරන්,ඇතුළු විශේෂඥ වෛද්යවරුන් විද්යායතනයක් ලෙස ස්වේච්ජාවෙන් වකුගඩු ගල් සැත්කම් ස්ථාන කිහිපයක මාස කිහියපක් තුළදී සිදුකිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බවත්, මේ සඳහා 2000ක පොරොත්තු ලේඛනයක් තිබෙන බවට අනාවරණය වූ බවත් සඳහන් කළේය.
 
මේ සදහා සෞඛ්ය අමාත්යාංශය ලෙස විශේෂ මැදිහත්වීමක් සිදුකර මීරිගම මූලික රෝහලේ නව ශල්යාගාර පහසුකම් සහිත ගොඩනැගිල්ලක මේ සඳහා අවශ්යවන කාර්ය මණ්ඩල අනුමතකරවාගෙන මෙම මස 12වනදා එම ශල්යකර්ම සිදුකිරීමේ කාර්ය ආරම්භකරන බව පැවසීය.
එය සෞඛ්ය සේවාවේ සාමාන්ය ක්රමවේදයට ලැබෙන විශේෂ අවස්ථාවක් බවත්, මේ සදහා වැල්ලවාය රෝහල ද භාවිත කර ගැනීමේ ඇති හැකියාව පිළිබඳව සොයා බලන බව ද අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
ප්රතිකාර සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාම සදහා සෞඛ්ය කාර්ය මණ්ඩලවල අවශ්යතාවය පිළිබඳව ද, සෞඛ්ය වෘත්තිකයන්ගේ බඳවා ගැනීම් පිළිබදව ද අමාත්යවරයා මෙහිදී අදහස් දැක්වීය.