Wednesday, May 20, 2026
Follow Us
විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධන‍යේ පළමු අදියර 98% කට ගෙවා අවසන්
විශ්රාම වැටුප් ප්රතිශෝධන ක්රියාවලියේ වත්මන් ප්රගතිය නිරීක්ෂණය කිරීම සඳහා රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පසුගියදා (18) දින විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

 

මෙහිදී විශ්රාම වැටුප් වැඩි කිරීමේ පළමු අදියර මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බවත්, ප්රතිශෝධනය ලැබිය යුතු පිරිසගෙන් 98% කට අධික ප්රමාණයකට මේ වන විට ගෙවීම් සිදු කර අවසන් බවත් මෙහිදී අනාවරණය විය.
 
2026 මැයි මාසය වන විට විශ්රාමිකයින් 4,29,000 කට පමණ ගෙවීම් සිදු කර ඇති අතර, සමස්තයක් ලෙස 4,63,000 ක පමණ විශ්රාමික සංඛ්යාවක් පද්ධතියේ ලියාපදිංචි වී ඇත.
මීට අමතරව මසකට අලුතින් විශ්රාමිකයින් 2,500 ක් පමණ පද්ධතියට එක්වන බව ද මෙහිදී අනාවරණය විය.
 
එහිදී විශ්රාම වැටුප් ප්රතිශෝධනයේ දෙවන පියවර එළඹෙන ජූලි මාසයේ සිට ක්රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබීම පිළිබඳවත් අමාත්යවරයා නිලධාරීන්ව ඇගයීමට ලක් කළේ ය.
 
විශ්රාම වැටුප් ගෙවීමේ ක්රියාවලිය වේගවත් කිරීම සඳහා දැනටමත් මාර්ගගත පද්ධතියක් (Online System) ප්රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්රියාත්මක වන අතර මෙම පද්ධතිය මගින් මේ වන විටත් විශ්රාමිකයින් 3,97,154 කගේ පමණ දත්ත ස්වයංක්රීයව ගණනය කර අවසන් කර තිබේ. මෙම නව තාක්ෂණික ක්රමවේදය සම්බන්ධයෙන් රට පුරා සිටින විශ්රාම වැටුප් නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.
 
මෙහිදී දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්රියාවලිය සහ තාක්ෂණික ප්රගතිය පිළිබඳව ද විමසා බැලූ අමාත්යවරයා නිලධාරීන්ට අත්යවශ්ය ධාරිතා සංවර්ධන වැඩසටහන් හා තාක්ෂණික මෙවලම් සපයාදීමේ වැදගත්කම ද අවධාරණය කළේ ය.
 
පවතින අභියෝග සහ ඊට අදාළව ගත යුතු කඩිනම් විසඳුම් පිළිබඳව ද සාකච්ඡා වූ අතර විශ්රාම වැටුප සහ පාරිතෝෂිකය වෙන වෙන ම ගණනය කිරීමට සිදුවීම නිසා ඇති වී තිබෙන කාර්යබහුලත්වය සහ දීර්ඝ කාලයක සිට පවතින ඇතැම් හිඟ මුදල් පිළිබඳ ගැටළු කඩිනමින් විසඳීමත් විශ්රාමිකයින්ගේ දත්ත සුරක්ෂිත කිරීමටත් කෙරෙහි ප්රමුඛ අවධානයක් යොමු කරන ලෙස මෙහිදී අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
 
මෙම අවස්ථාවට රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර, විශ්රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු අමාත්යාංශයේ හා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.