පාරිසරික සෞඛ්‍ය හා අසාත්මික රෝග සම්බන්ධයෙන් සිදුකළ විශිෂ්ටතම පර්යේෂණයකින් නව සොයාගැනීමක් කිරීමට ජපානයේ නගෝයා විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිශාදි දෙල්ගමආරච්චි මහත්මිය සමත්ව තිබේ.
ඇයගේ පර්යේෂණයට අනුව, ආසාත්මිකතා ඇති පුද්ගලයන්ගේ නාසයෙන් ඇතුළු වන අති සියුම් දූවිලි අංශු නාස් ගර්භය තුළ සාමාන්‍ය ප්‍රමාණය මෙන් සිව් ගුණයකින් තැන්පත් වේ. මෙම අංශු මඟින් පරිසරයේ ඇති ලෝහ සහ රසායනික කොටස් ශරීරය තුළට රැගෙන යන බව ඇය සොයාගෙන ඇත. මේ හේතුවෙන් නාසය තුළ ‘මියුසින්’ (Mucin) නම් ශ්ලේෂ්මල නිපදවීම වැඩි වී රෝගී තත්ත්වයන් උත්සන්න වන බව ඇය පෙන්වා දෙයි.
මෙම සොයාගැනීම වෙනුවෙන් ඇයට ජපානයේ ‘Medical Encouragement Award’ සම්මානය ද හිමි විය. අනුරාධපුරයේ උපත ලබා රුහුණු විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලැබූ ඇය, මේ වන විට නගෝයා විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක ලෙස සේවය කරයි.