Sunday, May 10, 2026
Follow Us
ගුවනින් පැමිණි හෂිස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකයේ  නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (10) අලුයම සිදු කළ වැටලීමකදී  හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 778 ක් ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු වයස අවුරුදු 24 ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය  මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.