ශ්රී ලංකා - චීන සමාජීය හා සංස්කෘතික සහයෝගිතා සංගමය මගින් සංවිධානය කරන ලද “සෑම දෙයක්ම සහජීවනයෙන්“ (All Things in Harmony) වැඩසටහන අද (25) කොළඹ ගාලු මුවදොර (Galle Face Green) පරිශ්රයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.
"සිරුරට සුවය - මනසට සහනය" යන්න මෙම වැඩසටහනේ තේමාවයි.
මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ශ්රී ලංකාවේ චීන තානාපති ප්රමුඛ සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූහ.
මෙම උළෙලේ විශේෂත්වයක් වූයේ ජනප්රිය ගායන ශිල්පී සංගීත් වීරසිංහ මහතාද සහභාගී වී සජීවීව තායිචි (Tai Chi) ප්රදර්ශනයකට එක්වීමයි.
නිරෝගී දිවිපෙවතක් සහ මනසට සහනය උදෙසා තායිචි කලාව ලාංකීය ජනතාව අතර ප්රචලිත කිරීම මෙහි ප්රධාන අරමුණයි.