ලෝක සාමය අරමුණු කරමින් සිදු කෙරෙන"එහි පස්සිකෝ" සාම පාගමන අද (22) උදෑසන දඹුල්ල රජ මහා විහාරය පරිශ්‍රයෙන් ආරම්භ විය.
වියට්නාම් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු කණ්ඩායම ඊයේ (21) අලුයම දිවයිනට වැඩම කළ අතර ඇමෙරිකාවට වැඩමකිරීම සඳහා ඊයේ පස්වරුවේ ජය ශ්‍රී මහබෝන් වහන්සේගේ අංකුරයක් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ වෙත පූජා කිරීම සිදු කෙරිණි.