Wednesday, April 01, 2026
Follow Us
Silver Age Center වැඩිහිටි සත්කාරක, පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කරයි
වැඩිහිටි සියලු දෙනාට ආරක්ෂාව, නිදහස, සතුට, සෞඛ්ය, ප්රවාහනය මෙන්ම අධ්යාත්මික යහපැවැත්ම තහවුරු වන අයිතිවාසිකම් සුරැකෙන සමාජයක් නිර්මාණය විය යුතුයි
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය.
වැඩිහිටි සියලු දෙනාට ආරක්ෂාව, නිදහස, සතුට, සෞඛ්ය, ප්රවාහනය මෙන්ම අධ්යාත්මික යහපැවැත්ම තහවුරු වන ජීවිතයක් සහ වැඩිහිටි අයිතිවාසිකම් සුරැකෙන සමාජයක් නිර්මාණය විය යුතු බවත්, එය රජයේ මෙන්ම සමාජයේද වගකීමක් බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
 
නවීන පහසුකම් සහිතව කතරගම ප්රදේශයේ ඉදිකළ Silver Age Center වැඩිහිටි සත්කාරක, පුහුණු සහ පර්යේෂණ මධ්යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට මාර්ගගත ව සම්බන්ධ වෙමින් මාර්තු 31 වන දින සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලේ පිහිටි ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබල ගැන්වීම් අමාත්යංශයේදී අග්රාමාත්යතුමිය මේ බව පැවසීය.
මෙහිදී වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ නියෝජිතයින් විසින් වැඩිහිටි තැනැත්තන් සඳහා ආයතනගත රැකවරණය සපයනු ලබන මධ්යස්ථාන නියාමනයට අදාල නියෝග සහ මාර්ගෝපදේශ කෙටුම්පත අග්රාමාත්යතුමිය වෙත පිළිගැන්වීම ද සිදු කළේය.
 
මෙහිදී අදහස් දැක් වූ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,
2022 ආරම්භ කළ මෙම ව්යාපෘතිය විවිධ හේතු නිසා නතර කර තිබුණා. කෙසේ නමුත් ඒ ව්යාපෘතිය අපි නැවත ආරම්භ කරලා අද ජනතා අයිතියට පත් කරනවා.
 
අපේ ප්රතිපත්තියේ එක් ප්රධාන ප්රතිඥාවක් තමයි සියලු දෙනාට ආරක්ෂිත හා අයිතීන් සුරැකෙන සමාජයක් කිර්මාණය කිරීම. ලොකු කුඩා සියලු දෙනාට ඒ අයිතිය, නිදහස සතුට හිමි විය යුතුයි.
 
ජනගහනය අනුව අපේ රටේ විශාල පිරිසක් ඉතා ශීඝ්රයෙන් වැඩිහිටියන් බවට පත්වෙමින් තිබෙනවා. නමුත් වයස අවුරුදු 60 කියන්නේ සමාජයට, ආර්ථිකයට දායකත්වය ලබා දියහැකි ක්රියාකාරී වයස් සීමාවක්. වැඩිහිටියන් වුවත් ඔවුන්ටත් විවිධ අවශ්යතා තිබෙනවා. හැකියාවන් තිබෙනවා අත්දැකීම් තිබෙනවා. ඔවුන්ටත් සමාජය සමග සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන කියන යථාර්ථය අපි අවබෝධ කර ගත යුතුයි.
 
වැඩිහිටියන් වෙනුවෙන් සේවාවන් සපයන ආයතන ඉතාම වැදගත් එවැනි ආයතන නිසිපරිදි පවත්වා ගැනීම සමාජ වගකීමක්. පවුල තුළත්, ස්වාධිනවත්, විවිධ ආයතන තුළත් ජීවත් වන සියලු වැඩිහිටියන්ට ආරක්ෂාව සහ අවශ්ය සේවාව ලබා දෙමින් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම ඉතාම වැදගත්.
 
වැඩිහිටියන් සඳහා අවශ්ය සෞඛ්ය, ප්රවාහන, වැඩිහිටි අධ්යාපනය, නිදහස,සතුට වගේම ඔවුන්ගේ අයිතීන් සහ වැඩිහිටි අධ්යාපනය මෙන්ම අධ්යාත්මික යහපැවැත්මත් තහවුරු කළ යුතුයි.
සම්ප්රදායිකව වැඩිහිටි නිවාසයක් කියන ආකල්පයෙන් බැහැර වෙලා වැඩිහිටියන්ගේ අවශ්යතා අනුව සේවාව සපයන ආයතන ලෙස ගෞරවාන්විතව තමන්ගේ සැඳෑ සමය ගතකරන්න අවශ්ය පරිදි ඒ ආයතන පවත්වාගෙන යාම අවශ්ය බවද අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවාය.