Wednesday, April 01, 2026
Follow Us
බක් පුර පසළොස්වක පොහොය අදයි

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.

බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබීම විශේෂත්වයකි. 

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේද බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. 

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ බව සඳහන්ය. 

එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.