Monday, March 30, 2026
Follow Us
ධීවර යාත්‍රා සඳහා ඉන්ධන ලබාදීමේ අඩුවක් නැහැ

මැදපෙරදිග පවතින යුදමය තත්වය යටතේ ධීවර හා ජලජීවි වගා ක්ෂේත්රයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා විධිමත් ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙලක් ක්රියාත්මක බව, ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා පැවසීය.

රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර බහුදින ධීවර යාත්‍රාවලට වරයා සංස්ථාව මඟින් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් ලබා දෙන බව ද සඳහන කළේය.

ඒ මහතා ප්‍රකාශ කළේ එක්දින යාත්‍රා සඳහා ද භූමිතලේ ලබාදීමේ දී පැවති ක්‍රමය අනුව ම ලබා දීම සිදු වන බවයි .