Sunday, March 29, 2026
Follow Us
පොදු ප්‍රවාහනය සඳහා ජපානයෙන් ශ්‍රී ලංකාවට පතුල පහත් බස් රථ 8ක්
ජපාන රජය විසින් පරිත්යාගයක් ලෙස පතුල පහත් (low-floor) බස් රථ 8ක් ශ්රී ලංකාවට ලබාදීමට කටයුතු කර ඇත. එම බස් රථ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) වෙත ප්රදානය කිරීම සඳහා වූ ගිවිසුම ඊයේ (28) අත්සන් තැබුණි.

 

මෙම අවස්ථාවට ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්යාංශ ලේකම් ජ්යේෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතාද සහභාගී විය.
 
මෙම පරිත්යාගය මගින් ශ්රී ලංකාවේ පොදු ප්රවාහන සේවාව නවීකරණය කිරීමේ දී වැදගත් පියවරක් ලෙස සැලකේ. විශේෂයෙන්ම වැඩිහිටි පුද්ගලයන්ට සහ විශේෂ අවශ්යතා ඇති පුද්ගලයන්ට පහසුකම් වැඩිදියුණු කිරීමට මෙම බස් රථ උපකාරී වනු ඇත.