කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඊයේ (24) ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
එහිදී ප්රථමයෙන් ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්රගතිය පිළිබඳව විමසා බැලිණි. ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ දිස්ත්රික් කාර්යාල 20ක් ස්ථාපිතව තිබෙන අතර, ජනතාවට සිය ඉඩම් ගැටලු විසඳා ගැනීමට එහිදී අවස්ථාව ලබා දී තිබේ.
මෙහිදී ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව ඉදිරියේදී ක්රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳව හැඳින්වීමක් සිදු කළ අතර අඩු ආදායම්ලාභීන් සඳහා ඔප්පු පිරිනැමීම, රාජ්ය ආයතන සඳහා ඔප්පු ලබාදීම, කෘෂිකාර්මික ඉඩම් සඳහා බදු ඔප්පු ලබාදීම, ඉඩම් ගැටලු විමර්ශනය කිරීම, බදු නොගෙවන හා ඌණ උපයෝජිත ඉඩම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ආදී වැඩසටහන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස විස්තර කෙරිණි.
මෙහිදී අමාත්යවරයා මෙම වැඩසටහන් ක්රියාත්මක කිරීමේදී ආයතනයේ පවතින ගැටලු පිළිබඳව අවධානය යොමු කළඅතර ඒ් සඳහා අවශ්ය පියවර ගැනීමට ද තීරණය කෙරිණි.
අනතුරුව අමාත්යවරයා ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ විවිධ අංශ වෙත ගොස් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී නිලධාරීන් සමඟ සුහද කතාබහකට ද එක්විය.