Friday, March 20, 2026
Follow Us
තරුණ සංවර්ධනය පිළිබඳ පළමු ජාතික පර්යේෂණ සමුළුව - 2026 පර්යේෂණ පත්‍රිකා කැඳවීම දැන් ඇරඹුණා
ශ්රී ලංකා තරුණ ප්රජාව සතු විභවතාවයන් හඳුනා ගනිමින් ඔවුන් රටේ තිරසාර සංවර්ධනයට දායක කරගැනීමේ අරමුණින් තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශය සහ ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන තරුණ සංවර්ධනය පිළිබඳව පළමු ජාතික පර්යේෂණ සමුළුව වෙනුවෙන් පර්යේෂණ පත්රිකා භාරගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.

 

ඒ අනුව මැයි මස හතර වැනිදා දක්වා පර්යේෂණ යෝජනා භාරදිය හැකිය.
 
මෙහිදී ප්රධාන පර්යේෂණ ක්ෂේත්ර නවයක් ඔස්සේ පර්යේෂණ පත්රිකා කැඳවනු ලබයි.
 
01. තරුණ සවිබල ගැන්වීම සහ නායකත්වය.
02. අධ්යාපනය, වෘත්තීය පුහුණුව සහ කුසලතා සංවර්ධනය
03. සෞඛ්ය මානසික යහ පැවැත්ම සහ පෝෂණය
04. තරුණ ව්යවසායකත්වය සහ ආර්ථික සහභාගීත්වය
05. තාක්ෂණය, ඩිජිටල්කරණය සහ නවෝත්පාදන
06. දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධනය
07. ප්රජා සහභාගිත්වය, සමාජ ඒකාබද්ධතාවය සහ නීතියේ ආධිපත්යය
08. තරුණ සංක්රමණය සහ අන්තර්ජාතික සබඳතා
09. කලාව, සංස්කෘතිය සහ නිර්මාණාත්මක ප්රකාශනය
 
මේ සඳහා විශ්වවිද්යාල සිසුන්, ස්වාධීන පර්යේෂකයන් රාජ්ය සහ රාජ්ය නොවන අංශවල වෘත්තිකයන්, ප්රතිපත්ති සම්පාදකයින් සහ තරුණ සංවර්ධනය කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට දායක විය හැකිය.
 
වැඩිදුර තොරතුරු සඳහා,
විද්යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
දුරකථනය - 011 - 2881082/083
Whatsapp - 076 4769519
ලිපිනය - සමුළුව ලේකම්, ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය, නාවල, නුගේගොඩ.