අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යාංශය හා Self Foundation රාජ්ය නොවන සංවිධානයේ අනුග්රහයෙන් ගල්නෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්නෑව මධ්ය මහා විද්යාලය සඳහා කසළ බඳුන් ලබාදීමේ වැඩසටහනක් පැවැත්වී ය.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ පාසල් දරුවන් තුළ නිසි කසළ කළමනාකරණය පිළිබඳ ආක්ලප සංවර්ධනය කිරීමයි. මේ සඳහා මූල්ය දායකත්වය Mass Holdings ආයතනය විසින් ලබා දුන් අතර Self Foundation ආයතනයේ අධ්යක්ෂ චමිල් තිලකරත්න මහතාගේ මැදිහත් වීම හා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අනුරාධපුර දිස්ත්රික් සම්බන්ධිකාරක රංග බංඩාර මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්රියාත්මක කෙරිණි. මේ යටතේ ඉදිරියේදි ත් තවත් පාසල් කිහිපයකට කසල බඳුන් ලබාදීමට නියමිතය.