Friday, February 20, 2026
Follow Us
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලේ
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතා යාපනය ජාත්යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
 
දැනට ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති මගී පර්යන්ත ගොඩනැඟිල්ලේ වර්තමාන තත්ත්වය සොයා බැලීමත්, ගුවන් තොටුපොළ මෙහෙයුම් කටයුතු පරීක්ෂා කිරීමත් මෙම චාරිකාවේ අරමුණ විය.
 
වර්ග මීටර් 800 කට වැඩි නව පැමිණීමේ මගී පර්යන්තයේ ඉදිකිරීම් ගැන විමසා බැලූ අමාත්යවරයා එම කටයුතු වේගවත් කරන ලෙස උපදෙස් ලබා දුන් අතර, දැනට මෙහෙයුම් සිදු කරන පර්යන්තයේ සෑම ස්ථානයකට ගොස් අවශ්යතා සොයා බැලුවේය.
 
2025 වසරේදී ගුවන් මගින් 53,443 ක් ගමනාගමන කටයුතු සිදු කර තිබේ. එය විශාල වර්ධනයක් ලෙස සැලකිය හැකියි.ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළට දිනපතා ගුවන් ගමන් සිදු කරන අතර සතියකට තුන්වතාවක් ඉන්දියාවේ ත්රිචිපිල්ලේ නගරයට ගුවන් ගමන් ක්රියාත්මක වේ. ඉන්දීය ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවය එම සේවා සපයයි.
උතුරට පැමිණෙන සංචාරකයින් සහ දේශීය සංචාරකයින්ගේද ගමනාගමනය නිසා ප්රධාන වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කරමින්, ජාතික ආර්ථිකයට ආදායම් උත්පාදනය සඳහා ඉදිරියේදී රජය විසින් ගුවන් තොටුපොළ යටිතල පහසුකම් දියුණු කිරීමට වැඩ පිළිවෙලක් ක්රියාත්මක කිරීමට නියමිතයි.
 
ගුවන් ගමන් වාර වැඩිකර ගැනීමට ගුවන්සේවා සමාගම් සඳහා සහන ගොඩ බෑමේ සහ නැවතුම් ගාස්තු අයකරන අතර,මගින්ටද පිටත් වීමේ බදු ගාස්තු සහනයක් ලබා දී තිබේ.
 
යාපනය ජාත්යන්තර ගුවන් තොටුපොළ, අභ්යන්තර ගුවන් ගමන් සේවා සඳහාද සංවර්ධනය කර සංචාරක ක්ෂේත්රය වැඩි දියුණු කර ගැනීමද රජය විසින් සැලසුම් දියත් කර තිබේ.
 
නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල, ගුවන් තොටුපොළ සහකාර මෙහෙයුම් කළමණාකරු අනුත් දයාවංශ, අධ්යක්ෂ ප්රිමාල් යන මහත්වරුන්ද සිවිල් ගුවන්සේවා අධිකාරියේ ප්රධානීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.