දිවයින පුරා වෙසෙන සංඝයා වහන්සේලාගේ වැඩම කිරීමෙන් සිදුවන මහා සඟ සමුළුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ අද (20 වැනිදා) පස්වරු 2.00ට පැවැත්වේ.
රටේ ඇති වී තිබෙන ආගමික හා සංස්කෘතිය සෝදා පාළුවට මෙන්ම ඇතැම් සමාජ මාධ්‍යවලින් සිදුකරන ඇනුම් බැනුම්වලට විරෝධය පළ කරමින් මෙම මහා සඟ සමුළුව පැවැත්වීමට නියමිතය. මෙම සංඝ සම්මේලනය සම්බන්ධයෙන් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියෝ මෙසේ පැවැසූහ.
‘‘මේ සඳහා මහා සංඝරත්නයේ සහ ගිහියන්ගේ පුර්ණ අනුග්‍රහය ලැබිලා තියෙනවා. මේකට විරුද්ධව කටයුතු කිරීමටත් විශාල පිරිසක් සුදානම් බව ආරංචියි. ඒකටත් අපි උත්තර දෙන්න ලෑස්තියි. අපි වැඩකට බැස්සොත් හොඳ නරක බලන්නේ නැහැ.