මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කිසිම අයුරකින් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ රියැදුරන් සේවයට යොදා නොගන්නා ලෙස අමාත්‍යවරයා බස් රථ හිමියන්ට දැනුම් දෙයි.
මත්ද්‍රව්‍ය භාවිත කර මගී ප්‍රවාහනයේ යෙදෙන රියැදුරන් පරීක්ෂාව මේ වනවිට ආරම්භ කර තිබෙන අතර එය දිගට ක්‍රියාත්මක වන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.