Sunday, February 08, 2026
Follow Us
ඉන්දියාවේ සිට වැඩමවූ සර්වඥ ධාතූන්වහන්සේලා වන්දනාව සිව්වන දිනටත් පැවත්වෙයි
ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ වන්දනාව සිව්වැනි දිනයට අද (08) පැවත් වේ.

 

ඉන්දියාවේ ගුජරාට් ප්රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගත් ලොව්තුරා බුදුරජානන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ පසුගිය 04 වැනිදා මෙරටට වැඩම කරවා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ පීඨිකාවක තැන්පත් කර තිබේ.
 
ඒ අනුව සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගැනීමට පසුගිය 5 වැනිදා සිට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවුණා.
 
පසුගිය දින කිහිපය තුළ දිවයිනේ නන්දෙසින් විශාල බැතිමතුන් පිරිසක් සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාවට එක්ව සිටියහ.