Thursday, February 05, 2026
Follow Us
‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව’ පෙබරවාරි 04 සිට 11 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී

ඓති­හා­සික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ හුණු­පි­ටිය ගංගා­රාම විහා­ර­ස්ථා­න­යේදී අද (05) සිට 11 දා දක්වා සති­යක කාල­යක් පැය 24 පුරාම සියැ­සින් දැක වැඳ­පුදා ගැනීමේ අව­ස්ථාව මෙරට ජන­තා­වට හිමිව තිබේ.‍

ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි මහ­තාගේ ශ්‍රී ලංකා සංචා­ර­යේදී ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් ඉදි­රි­පත් කළ ඉල්ලී­ම­කට අනුව මෙම උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අව­ස්ථාව මෙරට ජන­තා­වට උදා වී තිබේ.

ධාතූන් වහන්සේ ඊයේ පස්වරු 01.00ට පමණ ඉන්දි­යාවේ නව­දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන් තොටු­පළේ සිට ඉන්දීය ගුවන් හමු­දා­වට අයත් අයි.එෆ්.සී.- 246 දරන ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුවන් තොටු­පළ වෙත රැගෙන එනු ලැබුවේ ඉන්දීය රජයේ පූර්ණ අනු­ග්‍ර­හ­යෙනි.