වනජීවී දෙපාර්තමේන්තුවට සිවිල් ආරක්ෂක බළකායේ භටයන් 5,000ක පමණ පිරිසකුත්, ශ්‍රී ලංකා පොලීසිය වෙත සිවිල් ආරක්ෂක බළකායෙන් භටයන් 10,000ක පමණ පිරිසකුත් අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (30) එක්වෙමින් අමාත්‍යරවයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී සිවිල් ආරක්ෂක බළකායේ වර්තමාන කාර්ය භාරය, එම බළකාය විසින් සිදුකරනු ලබන රාජකාරි කටයුතු මෙන්ම රාජකාරි ඉටු කිරීමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳ අමාත්‍යවරයා විසින් සොයා බැලීය. සිවිල් ආරක්ෂක බළකායේ පවත්නා අඩුපාඩු හඳුනාගෙන, ඒවාට විසඳුම් ලබා දීම සඳහා අවධානය යොමු කරන ලදි.
මෙම නිරීක්ෂණ චාරිකාවට සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාද සහභාගි වූ අතර, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් ද සහභාගි වූහ.