Saturday, July 27, 2024
Follow Us
“ගරු සරු” තවත් වැඩසටහනක්

මෙරට ශ්‍රම බලකායේ අවිධිමත් අංශය නියෝජනය කරනු ලබන සෑම අයෙකුටම ගෞරවයක් ලබාදීමේ අරමුණින් ගරු සරු වැඩසටහන යටතේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා බස්රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්විණි.

එහිදී බස්රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන්  අමාත්‍යවරයාව සහ එම අවස්ථාවට එක්ව සිටි නිලධාරීන්ව දැනුවත් කරනු ලැබීය. 

මෙහිදී බස්රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අමතා, දෝෂා රෝපණයට ලක් නොවී ගරුත්වයක් ඇතිව රැකියාව කිරීමට ඕනෑම අයෙක් කැමති බවත් එසේ බැනුම් නොඅසා අභිමානයෙන් යුතුව තමාගේ රැකියාව කිරීමට වැඩපිළිවෙලක් නිර්මාණය කරන බවත් අමාත්‍යවරය සඳහන් කළේය.

ඒ අනුව මෙම කරුණ සම්බන්ධව වෘත්තීය ආයතන බිහිකරමින්, ලබන පෙබරවාරි මාසය වන විට ඒවා ගැසට් කිරීමට කටයුතු කරන බවද අමාතවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.