රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් වටිනා "කුෂ්" සහ "හෂීෂ්" මත්ද්රව්ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගී කාන්තාවන් තිදෙනෙකු අද (20) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අවුරුදු 31, 36 සහ 38 වයස්වල පසුවන තායිලන්තයේ සමාගම් කීපයක සේවයේ නිරත තායි ජාතික කාන්තාවන් තිදෙනෙකි.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ, අතිරේක පෝෂණීය ආහාර සහ කොලැජන් අඩංගු බෝතල් සහ පිටතට සබන් ඇසුරුම් ලෙස පෙනෙන සේ, සුළං නොවදින ඇසුරුම් තුළ බහා " කුෂ්" මත්ද්රව්ය කිලෝ ග්රෑම් 05 ග්රෑම් 214 ක් සහ "හෂීෂ්" මත්ද්රව්ය කිලෝ ග්රෑම් 02 ග්රෑම් 472 ක ප්රමාණය සගවා ගෙන තිබේ.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොවුන් තිදෙනා සහ ඔවුන් විසින් රැගෙන ආ මත්ද්රව්ය තොගය මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.