Sunday, September 14, 2025
Follow Us
කන්ජිපානි ඉම්රාන්ට ඇප

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි පාතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නැමැත්තා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය 20 නියම කළේය.

පාතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නැමැත්තා පොලිස් නිලධාරීයෙකට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

සැකකරු ප්‍රථමයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

එහෙත් පසුව පොලීසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කොට දන්ඩ නීති සංග්‍රහය යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.

මේ අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද අධිකරණය එහිදී නියෝග කර ඇත.

Aruna