Sunday, September 14, 2025
Follow Us
විදුලි ගාස්තු වැඩිකිරීමේ උපකල්පනවල දෝෂ ඉංජිනේරුවන් පෙන්වයි

නැවත වරක් විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ ගණනය කිරීම් වලදී සිදු කර ඇති උපකල්පනයන් සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඒ ඩී යූ නිශාන්ත පැවසුවේ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා සිදු කෙරෙන ගණනය කිරීම් වලදී ලබන වසරේ විදුලි පරිභෝජනය සම්බන්ධයෙන් නිශ්චිත ඇගයීමක් සිදු කළ යුතු බවයි.

ලබන වසරේ විදුලි ජනනයේදී නැප්තා ඉන්ධන භාවිත නොකරන බවට සිදු කර ඇති උපකල්පනය බරපතල ගැටලුවක් බවද ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Neth