Sunday, September 14, 2025
Follow Us
පැරණි පෙම්වතියගෙන් කප්පම් ඉල්ලූ පෙම්වතා

වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු ඔහු ආදරය කළ තරුණියගෙන් රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ලබා ගත් බවට වවුනියාව පොලිසියට කාන්තාවක් 18 දා පැමිණිලි කොට තිබෙනවා.

මෙම පුද්ගලයා තරුණිය සමග ආදරයෙන් වෙලී සිටි ඡායාරූප කීපයක් හා වීඩියෝ කීපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට බිය ගන්වා මෙම කප්පම් මුදල ලබා ගෙන තිබෙනවා.

මේ වන විට තරුණයා හා තරුණිය අතර පැවති ප්‍රේම සබදකම බිද වැටී ඇති අතර තරුණිය වෙනත් විවාහයක් කර ගන්නා බවට ලැබුණු තොරතුරකින් පසුව තරුණයා පැරණි ඡායාරූප හා වීඩියෝ දර්ශන ගැන ප්‍රකාශ කොට තරුණියව බිය වද්දා තිබෙනවා.

වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Aruna