Sunday, September 14, 2025
Follow Us
විසඳුමක් නොමැතිනම් පේරාදෙණිය සරසවියේ ඉගැන්වීම් වලින් අඛණ්ඩව ඉවත්වන බව ආචාර්යවරුන් කියයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් ස්ථිර විසදුමක් නොලැබුණහොත් තවදුරටත් දේශන කටයුතු වලින් ඉවත්වීමට සිදුවන බව එම විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි සභාපති මහාචාර්ය අර්ජුන පරාක්‍රම නෙත් නිවුස් වෙත පැවසූවේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය විසඳීමට කඩිනමින් නීතිමය පියවර ගතයුතු බවයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අර්බුදකාරී තත්ත්වයක් මතුවූයේ එම විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය මුල්කරගනිමින්.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනෙකු මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙම සිද්ධිය විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ වන විට සිය අධ්‍යන කටයුතුවලින් ඉවත්වී වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා. එය හෙටින් අවසන්වීමට නියමිතයි.

Neth