Sunday, September 14, 2025
Follow Us
පළාත් කිහිපයකට වැසි

උතුරු , උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද (17) දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Aruna